රුපියල් කෝටි 28කට අධික නීති විරෝධී වත්කම් සමඟ සැකකරුවෙකු පොලිස් භාරයට

Share

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ(19) දින සිදු කළ වැටලීමකදී, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රුපියල් 283,300,000 ක මුදලක් සහ වාහන දෙකක් සමඟ 40 හැවිරිදි ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා. විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ උපදෙස් මත මෙරට ජාවාරම්කරුවන්ගෙන් මුදල් එකතු කිරීම සහ එම මුදලින් වාහන මිලදී ගැනීම සම්බන්ධයෙනුයි මොහුට චෝදනා එල්ල වී ඇත්තේ. සැකකරු 2026.01.20 දින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මෙහි වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

Read more

Local News