නුවරඑළියට මල් තුහින

Share

නුවරඑලිය ප්‍රදේශයට මේ දිනවල පවතින අධික සිතල කාලගුණය හේතුවෙන් නුවරඑලිය නගරයේ ස්ථාන කිහිපයකම (23) දිනත් මල් තුහින පතිත වී ඇති අකාරය දක්නට ලැබී තිබුණා. නුවරඑලිය තුරග තරග පිටිය, ග්‍රෙගරි වැව පරිශ්‍රය ඇතුලු ස්ථාන කිහිපයකම මල් තුහින පතිත වී තිබු අතර, නුවරඑලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 9ක් සේ සටහන් වි ඇති බවටයි වාර්තා වන්නේ. නුවරඑලියේ මේ දිනවල පවතින කාලගුණය හමුවේ නුවරඑලිය සංචාරය සදහා සුදුසුම කාලය මෙය බැවින් නුවරඑලියේ සංචාරය සදහා පැමිණෙන ලෙසයි දේශීය සංචාරකයන්ගෙන් නුවරඑලිය මහ නගර සභාවේ සභාපති උපාලි වනිගසේකර ඉල්ලා සිටින්නේ.

නුවරඑලියට පිවිසෙන මාර්ග සියල්ල යථා තත්වයට පත්කර ඇති නිසා කිසිදු බාධාවකින් තොරව සියලුම මාර්ග ඔස්සේ නුවරඑලියට පැමිණීමට හැකි බවත්, පවුලේ සියලුදෙනා සමග නුවරඑලියේ සංචාරය කර මල් තුහින වල ආස්වාදය විද ගන්නා ලෙසයි නුවරඑලිය සංචාරක හෝටල් සංගමයේ සභාපති මහින්ද දොඩම්පගමගේ තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

Read more

Local News