ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ, 1969 අංක 17 දරණ ලංකා විදුලිබල මණ්ඩල පනත අවලංගු කරමින් එම ආයතනය නීත්‍යානුකූලව අහෝසි කර තිබෙනවා. ඒ අනුව, මාර්තු 08 වැනිදා මැදියම් රැයේ සිට විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම ඇතුළු සියලු මෙහෙයුම් කටයුතු අලුතින් පිහිටුවන ලද අනුප්‍රාප්තික සමාගම් 06ක් වෙත පවරා ඇති බවටයි වාර්තා වන්නේ.
විදුලි ජනන ලංකා, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා, ජාතික පද්ධති ක්‍රියාකරු, විදුලි බෙදාහැරීම ලංකා, සේවක අරමුදල සහ එනර්ජි වෙන්චර්ස් ලංකා යන එම සමාගම් අද (09) සිට බලාත්මක වන අතර, ඉන් ප්‍රධාන සමාගම් තුනක් සඳහා නව සාමාන්‍යාධිකාරීවරුන් ලෙස ඉංජිනේරුවරුන් වන එන්. ජී. සාලිය පණ්ඩිතරත්න, එන්. එස්. වෙත්තසිංහ සහ කේ. එස්. අයි. කුමාර යන අය පත් කර ඇති බවටයි වාර්තා වන්නේ.



