මහින්දානන්දගේ සහ නලින්ගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ඇරඹෙයි

Share

2015 ජනාධිපතිවරණ සමයේ සතොස ආයතනය හරහා කැරම් සහ දාම් පුවරු ආනයනය කර දේශපාලන කටයුතු සඳහා බෙදාහැරීමෙන් රජයට රුපියල් කෝටි හයක පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් වූ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට තමන්ට නියම වූ සිරදඬුවම්වලට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය අද ආරම්භ කර තිබෙනවා.

කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මහින්දානන්ද අලුත්ගමගේට වසර 20ක සහ නලින් ප්‍රනාන්දුට වසර 25ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබූ අතර, එම දඬුවම්වලින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලායි මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය කිරිමට නියමිතයි.

Read more

Local News