ආණමඩුව – නවගත්තේගම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදියක් ධාවනය කළ 19 හැවිරිදි තරුණයෙකු නවගත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ වීඩියෝවක් ඇසුරින් සිදුකළ විමර්ශනයකින් පසුවයි ඊයේ (08) දින මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අන්තරාදායක ලෙස රිය ධාවනය කර සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම යන චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබෙනවා. අදාළ යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇති අතර, නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු අද (09) දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



