වාද්දුව සහ පින්වත්ත දුම්රිය ස්ථාන අතර පිහිටි දුම්රිය පාලමක් මතදී අද සවස සිදුවූ අනතුරකින් 70 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. භාවිතයට නොගන්නා පාලමක් යැයි වැරදි වැටහීමකින් යුතුව විදේශිකයන් දෙදෙනෙකු සහ මෙරට පුද්ගලයින් තිදෙනෙකු (කුඩා දරුවෙකු ඇතුළුව) එහි සිරි නරඹමින් සිටියදීයි බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියට මෙලෙස මැදිවී ඇත්තේ.
දුම්රියෙන් බේරීමට උත්සාහ කිරීමේදී විදේශිකයා දුම්රියේ ගැටී ඇළට වැටී මියගොස් ඇති අතර, සෙසු පිරිස ඇළට පැන දිවි බේරාගෙන ඇතත් ඉන් තිදෙනෙකු මේ වනවිට තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පින්වත්ත පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.



