CIDයේ හිටපු අධ්‍යක්ෂකට ඇප

Share

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් “සඳගල” සොරකම් කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනවලට බලපෑම් කළ බවට චෝදනා ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඒ මහතා සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියම කෙරුණේ. එසේම ඔහුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය, ගමන් බලපත්‍රය අධිකරණ භාරයට ගන්නා ලෙසත් නියෝග කළා.

කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා භූමියේ පිහිටි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගා පරිශ්‍රයට අයත් ඓතිහාසික සඳගල සොරකම් කිරීමේ විමර්ශනයට බාධා කිරීම සහ සැකකරුවන්ට රැකවරණය දීම හරහා දූෂණය නමැති වරද සිදුකිරීම ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි.

Read more

Local News