කොරියානු E-8 රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු රිමාන්ඩ්

Share

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින්, දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 34 බැගින් මුදල් වංචා කළ පේරාදෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාර්යාංශය ඉදිරිපිටට පුද්ගලයින් කැඳවා එහි සේවකයෙකු බවට විශ්වාසය තහවුරු කරමින් මෙම ජාවාරම සිදුකර ඇති අතර, මිරිහාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබූ ව්‍යාජ වීසා ඉල්ලුම්පත්‍ර රැසක්ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇතැයි වැඩිදුරටත් සඳහන් වනවා. ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.බී. ආරියසිංහගේ උපදෙස් මත සිදුකළ මෙම වැටලීමෙන් පසු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

Read more

Local News