QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද උදෑසන 6 සිට

Share

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන සැපයුම අඩාල වීම සහ දේශීය ඉල්ලුම ඉහළ යාම හේතුවෙන්, මෙරට ඉන්ධන සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා අද (15) උදෑසන 6 සිට නැවතත් QR ක්‍රමය ක්‍රියාත්මක කිරීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා සියලුම පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමට QR කේතය අනිවාර්ය වන අතර, අදාළ වෙබ් අඩවිය හරහා පාරිභෝගිකයන්ට තම කේතය භාගත කර ගැනීමට පහසුකම් සලසා ඇති බව වැඩිදුරටත් සඳහන්.

වාහන හිමිකාරිත්වය සහ දුරකථන අංකය වෙනස් නොවූ පාරිභෝගිකයන්ට, ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට fuelpass.gov.lk හරහා තම QR කේතය පහසුවෙන් ලබාගත හැකියි.

වාහන වර්ගයසතියක් සඳහා ඉන්ධන ප්‍රමාණය (ලීටර්)
මෝටර් ලොරි200
බස් රථ60
වෑන් රථ40
විශේෂ කාර්ය වාහන40
ඉඩම් වාහන 25
මෝටර් රථ15
මෝටර් ත්‍රීරෝද රථ15
මෝටර් සයිකල්05
ක්වොඩ්‍රිසයිකල් 05

Read more

Local News