රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ බලශක්තිය කළමනාකරණය කරමින් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ගනු ලැබූ තීරණයකට අනුව, අද(17) සිට ක්‍රියාත්මක වන පරිදි සෑම බදාදා දිනකම රජයේ සේවකයින්ට නිවාඩු ලබා දීමට පියවර ගෙන තිබෙනවා. මෙම නිවාඩුව පාසල්, විශ්ව විද්‍යාල සහ අධිකරණ ක්ෂේත්‍රයට ද අදාළ වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව සහ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති විසිනුයි තහවුරු කර ඇත්තේ. කෙසේ වෙතත් සෞඛ්‍ය, වරාය, ජලය සහ විදුලිය වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙම නිවාඩුව අදාළ නොවන අතර, පවතින තත්ත්වය අධ්‍යයනය කර ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා අමාත්‍ය මණ්ඩල කමිටු හතරක් ද පත් කර තිබෙන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Share
Read more



