තරුණයින්ට මත්පෙති විකුණූ ඔසුසැල් හිමියා අත්අඩංගුවට

Share

විශේෂඥ වෛද්‍ය නිර්දේශයකින් තොරව මානසික රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ පෙති තරුණයින්ට අලෙවි කළ ඔසුසැල් හිමියෙකු හැටන්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසිනුයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. පොලිස් උපාය දූතයෙකු යොදවා සිදුකළ සූක්ෂ්ම මෙහෙයුමකින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අලෙවිය සඳහා සූදානම් කර තිබූ මත්පෙති 1,400කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ප්‍රදේශයේ තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ඉතා ඉහළ මිලකට මෙම ඖෂධ දීර්ඝ කාලයක සිට අලෙවි කර ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Read more

Local News