අමාත්‍ය කුමාර ජයකොඩිට අධි චෝදනා භාර දෙයි

Share

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධි චෝදනා ලැබූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, අද(27) දින කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල ඉදිරියේ පෙනී සිටි අතර එහිදී ඔහුට එරෙහි අධි චෝදනා පත්‍ර නිල වශයෙන් භාර දෙන ලදී. අධිකරණ නියෝග පරිදි පෙනී සිටි අමාත්‍යවරයාව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කළ අතර, ඔහුගේ ඇඟිලි සලකුණු වාර්තාවක් කැඳවීමට ද පියවර ගෙන තිබෙනවා. මෙම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය මැයි මස 06 වනදා පැවැත්වීමට නියමිතයි.

Read more

Local News