පිංවත්තේදී තියුණු ආයුධ ප්‍රහාරයකින් 37 හැවිරිදි පුද්ගලයෙකු මරුට

Share

පානදුර, පිංවත්ත ප්‍රදේශයේ ලෙස්ලි ගුණවර්ධන මාවතේදී අසල්වැසියන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සිදුකළ තියුණු ආයුධ ප්‍රහාරයකින් 37 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බරපතළ තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පිංවත්ත පොලිසිය මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මෘත ශරීරය පානදුර රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News