මඩකලපුවේ කාන්තා ඝාතනය සහ මිනීමැරුම් තැත සම්බන්ධයෙන් ඖෂධහල් හිමිකරුවෙක් අත්අඩංගුවට

Share

මඩකලපුව, කොක්කඩිචෝල ප්‍රදේශයේ පාළු ළිඳකට දමා කාන්තාවක ඝාතනය කිරීම සහ තවත් කාන්තාවකගේ දිවි බේරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් 49 හැවිරිදි ඖෂධහල් හිමිකරුවෙකු වත්තලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නැගෙනහිර පළාත් අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනයකට අනුව ඊයේ(29) දින අත්අඩංගුවට ගත් මෙම සැකකරු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 03 ක රැඳවුම් නියෝග මතයි වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා කොක්කඩිචෝල පොලිසිය වෙත භාර දී ඇත්තේ.

Read more

Local News