දෙහිඅත්තකණ්ඩියේදී පුරාවස්තු කැණීම් කළ තිදෙනෙකු උපකරණ ද සමඟ දැලට

Share

දෙහිඅත්තකණ්ඩිය, මුවගම්මන ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පුරාවස්තු කැණීම්වල නිරත වූ සැකකරුවන් තිදෙනෙකු කැණීම් උපකරණ ද සමඟින් ඊයේ (01) දෙහිඅත්තකණ්ඩිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ අකුරැස්ස, බෝගස්වැව සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24, 27 සහ 37 යන වයස්වල පසුවන පුද්ගලයන් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News