ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

Share

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය හා විගමණික සම්පත් මධ්‍යස්ථානය ඊයේ (08) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිකර ඇති මෙම නව විගමණික සම්පත් මධ්‍යස්ථානය සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 540 ක් වන අතර, පස් මහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකර ඇති මෙය සියලූ පහසුකම්වලින් සමන්විතය.

විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් පුහුණු කිරීම, සුබසාධන සේවාවන් ලබාදීම, විදේශගතවන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කටයුතු ඇතුථ සේවාවන් මෙහිදී සිදු කිරීමට අපේක්ෂිතය.

Read more

Local News