චීනය සහ නෙදර්ලන්තය අතර කාර්මික හා සැපයුම් දාමයන් ස්ථාවරව මෙන්ම බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා දෙරට එක්ව කටයුතු කළ යුතු බව චීන උප අග්‍රාමාත්‍ය Ding Xuexiang මහතා පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ(25) බෙයිජිං නුවරදී නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍ය Tom Berendsen මහතා හමුවූ අවස්ථාවේදීය.
මෙහිදී චීන උප අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ චීනය සහ නෙදර්ලන්තය අතර පවතින්නේ විවෘතභාවය හා ප්‍රායෝගික සහයෝගීතාව මත ගොඩනැගුණු පුළුල් හවුල්කාරීත්ව සබඳතාවක් බවයි. එමෙන්ම චීනය සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාවයේදී දෙරට අතර සබඳතා ප්රමුඛ වන බව ද ඔහු සඳහන් කළේය.
ලබන වසරේදී චීනය සහ නෙදර්ලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 55ක් සපිරේ. එබැවින් දෙරටේ රාජ්‍ය නායකයන් අතර ඇතිකරගත් වැදගත් එකඟතාවන් ක්‍රියාවට නැංවීමට චීනය සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව, සියලු ක්ෂේත්රවල සබඳතා සහ හුවමාරු තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර සබඳතා ස්ථාවරව හා යහපත් ලෙස ඉදිරියට ගෙන යාම චීනයේ අපේක්ෂාව බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, මෙවර APEC ආර්ථික නායක සමුළුව සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් චීනයට සුබ පැතුම් එක් කළ නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා චීනය මේ දක්වා අත්කරගෙන ඇති සංවර්ධන ජයග්‍රහණ ද ඇගයීමට ලක් කළේය. චීනය සමග ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික හුවමාරු තවදුරටත් වර්ධනය කිරීමටත්, සියලු ක්ෂේත්රයන්හි ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීමටත් නෙදර්ලන්තය සූදානම් බව ද ඔහු වැඩිදුරටත් කියාසිටියේය.
Share
Read more



