ශ්‍රී ලංකාව කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මෙවර ගෝලීය සාම දර්ශකයේ ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.
ලොව පුරා රටවල් 163 ක් සැලකිල්ලට ගනිමින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කෙරෙන ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාවට මෙවර 67 වැනි ස්ථානය හිමිව ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 13කින් ඉදිරියට පැමිණිමක් වේ.
එක් එක් රටවල සමාජ සුබසාධනය හා ආරක්ෂාව, අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගැටුම් ආදී කරුණු 23ක් සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන ලෝක සාම දර්ශකය වසරක් පාසා ප්‍රකාශයට පත් කෙරෙයි.