යුක්රේනය, යුරෝපා සංගමය සමඟ එක් වීමට අදාළ සාකච්ඡා වටයේ පළමු අදියර නිල වශයෙන් ඇරඹේ. යුරෝපා කවුන්සිලය ඊයේ (15) නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේය. යුක්රේනය, යුරෝපා සංගමයට ඇතුළත් වීමේ ක්‍රියාවලියේ “මූලික මූලධර්ම” කෙරෙහි අවධානය යොමු කෙරෙන සාකච්ඡා වටය යුරෝපා සංගමය සහ යුක්රේනය නිල වශයෙන් මෙහිදී ආරම්භ කර ඇත.
එම නිවේදනයට අනුව, අදාළ “මූලික මූලධර්ම” යුරෝපා සංගමයේ කේන්ද්‍රීය වටිනාකම හා මූලික මූලධර්ම ආවරණය කරනු ලබන අතර නීති පාලනය, මූලික අයිතිවාසිකම්, ප්‍රජාතාන්ත්‍රික ආයතන මෙහෙවර, මහජන විධායක ප්‍රතිසංස්කරණ හා ආර්ථීක ප්රමිතීන් යන ක්ෂේත්රයන්හි යුරෝපා සංගමයේ නීති හා රෙගුලාසීන් ද ඊට ඇතුළත් වේ.
අදාළ “මූලික මූලධර්ම”, යුක්රේනය, යුරෝපා සංගමයට ඇතුළත් වීමේ සාකච්ඡා ක්‍රියාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වාම අවධානය යොමු කෙරෙන කේන්ද්‍රීය කරුණකි. එබැවින් ඊට අදාළ සාකච්ඡාවන්හි ප්‍රගතිය, සමස්ත සාකච්ඡා ක්‍රියාවලියේ වේගය තීරණය කරනු ඇති බවත් යුරෝපා සංගමය පවසයි. එමෙන්ම මෙම සාකච්ඡා අතරතුර, යුක්රේනය, යුරෝපා සංගම් නීති පද්ධතියට එකතු වීම හා අදාළ ප්රමිතීන් ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය පිළිබඳව යුරෝපා සංගමය අඛණ්ඩව තක්සේරු කරමින් සිටින බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ
Share
Read more



