චීන-පාකිස්ථාන විදේශ ඇමතිවරුන් අතර දුරකථන සංවාදයක්

Share

චීන විදේශ ඇමති වං යී මහතා, ඊයේ (16) රාත්‍රියේ පාකිස්ථානයේ උප අග්‍රාමාත්‍ය සහ විදේශ ඇමති Muhammad Ishaq Dar මහතා සමග දුරකථන සංවාදයක නිරත විය.
Dar මහතා එහිදී තම රටේ මැදිහත් වීම යටතේ ඉරානය හා ඇමරිකාව අතර එළඹි පළමුවැනි අදියරේ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් දැනුවත් කරමින් ඊට සහාය දැක්වීම සම්බන්ධයෙන් චීනයට ස්තුතිය පළ කළේය.
පාකිස්ථානයේ මෙහෙයවීම යටතේ අදාළ ගිවිසුමට පැමිණීම සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙකු ද වන වං යී මහතා, එහිදී සුබ පැතුම් පිරිනමා ඇත. සාමය වෙනුවෙන් දායක වීමට චීනය, පාකිස්ථානය ඇතුළු සමස්ත රටවල් වගකීම් සහගත ලෙස කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළේය. පළමුවැනි අදියරේ සාකච්ඡාවට සාපේක්ෂ ව, මීළඟට සිදු කිරීමට නියමිත දෙවන අදියරේ සාකච්ඡාවලදී දැඩි අසීරුතාවන් ඇති විය හැකිය. කලාපීය රටවල අනාගතය තීරණය කරනු ලබන්නේ එම රටවල් විසින් බව චීනයේ අඛණ්ඩ ආකල්පයයි. පාකිස්ථානය සමග එක්ව, අදාළ රටවල් සාකච්ඡා මේසයට කැඳවා මැද පෙරදිග සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවදුරටත් දායකත්වය ලබා දීමට චීනය සූදානම් බව ද චීන විදේශ ඇමතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News