ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානයක් පිහිටුවීම සඳහා චීනය සූදානම්

Share

ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානයක් පිහිටුවීම සඳහා චීනය සූදානම් වෙයි. චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද (17) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව හෙළි කරමින් සඳහන් කළේ, ඊට අදාළ කටයුතුවල චීනය නිරතව සිටින බවයි.

විවිධ පාර්ශ්වයන් ඒ සඳහා සක්‍රියව දායක වෙමින් මානව වර්ගයා සඳහා ප්‍රයෝජනවත් වන පරිදි තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම චීනය සාදරයෙන් පිළිගන්නා බව එහිදී සඳහන් විය.

තවද, එළඹෙන ජූලි මාසයේ ෂැංහයිහිදී 2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ කෘත්‍රිම බුද්ධියේ ගෝලීය පාලනය පිළිබඳ ඉහළ මට්ටමේ සමුළුව චීනය විසින් පවත්වනු ලබන බවත් එම මාධ්‍ය හමුවේදී සඳහන් විය. මෙම සමුළුව ප්‍රයෝජනයට ගනිමින් සියලු පාර්ශ්වයන් හා එක්ව කෘත්‍රිම බුද්ධිය සමඟ ජාත්‍යන්තර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය බලාපොරොත්තු වන බවත් එහිදී හෙළි විය.

Read more

Local News