ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ, එක්සත් ජාතික පක්ෂයේ දඹුල්ල ප්‍රධාන සංවිධායක ප්‍රියාන් විජේරත්න, ගලේවෙල සම්බන්ධීකරන කටයුතු සම සභාපති ඩබ්ලිව්. එම්. යසමාන්න යන මහත්වරුන් ප්රමුඛ දේශපාලනඥයින් සහ අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහූ විශාල පිරිසක් සහභාගීවී සිටියහ.