චීන මහජන සමූහාණ්ඩුව සහ මියන්මාර සමූහාණ්ඩුව අතර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ඇරයුමෙන් මියන්මාර ජනාධිපති Min Aung Hlaing මහතා චීනයේ සිදු කරන රාජ්‍ය සංචාරයට සමගාමී ව මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කෙරිණ. පසුගිය 15 වැනිදා ඇරඹුණු මියන්මාර ජනාධිපතිවරයාගේ රාජ්‍ය සංචාරය අවසන් වන්නේ හෙට (19)යි.
මෙම සංචාරය අතරතුර, දෙරටේ නායකයින් දෙරට අතර සුවිශේෂ සහෝදර මිත්‍රත්වය තහවුරු කිරීම මෙන්ම විස්තීර්ණ උපායමාර්ගික සහයෝගීතාව ප්‍රවර්ධනය කර පොදු ඉරණමක් සහිත චීන-මියන්මාර ප්‍රජාවක් ගොඩනැගීම පිළිබඳව පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගනිමින් වැදගත් එකඟතා රැසකට පැමිණි බව එම නිවේදනයේ දැක්වෙයි.
දෙරටේ මිත්‍රත්වය ප්‍රවර්ධනය කරමින් සාමකාමී සහජීවනයේ මූලධර්ම ස්ථිර ලෙස අනුගමනය කරන බවට එහිදී දෙපාර්ශ්වය ම එකඟ වී ඇත.
එමෙන්ම පොදු ඉරණමක් සහිත චීන-මියන්මාර ප්‍රජාවක් ගොඩනැගීමට, සැබෑ ජයග්‍රහණ ඔස්සේ දෙරටේ ජනතාවට වාසි ලබා දීම සඳහා සාධාරණ, අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබා ගැනීම, එකිනකාට ගරු කිරීම මෙන්ම පොදු සම්බන්ධීකරණය යන මූලධර්ම මත ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා ශක්තිමත් කිරීමට එක්ව කටයුතු කිරීමට දෙපාර්ශ්වය ම එකඟත්වය පළ කළ බව ද එහි වැඩිදුරටත් දැක්වේ.
තවද, එකිනෙකාගේ කේන්ද්‍රීය අවශ්‍යතාවන් හා අවධානය යොමු විය යුතු කරුණු කෙරෙහි අන්‍යෝන්‍ය ලෙස ස්ථීර සහය ලබා දෙනු ඇතැයි ද එහිදී යළි ප්‍රකාශ කෙරිණ.
මීට අමතරව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් හා ගෝලීය මුලපිරුම් හතර උපරිමයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ඒ ක්ෂේත්‍රවල සහයෝගිතාව පවත්වා ගනිමින් ලෝක සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය මෙන්ම සමෘද්ධිය උදෙසා සක්‍රිය දායකත්ව ලබා දීමට දෙපාර්ශ්වය ම කැමැත්තෙන් සිටී. සැබෑ බහුපාර්ශ්විකවාදය ක්‍රියාත්මක කිරීම, ජගත් සබඳතාව, ප්‍රජාතන්ත්‍රවාදීකරණය, ජාත්‍යන්තර යුක්තිය හා සාධාරණය පොදුවේ සහතික කිරීම මෙන්ම වඩාත් සාධාරණ හා යුක්ති සහගත ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කරන ලෙස චීනය හා මියන්මාරය ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටියි.
මේ අතර, මියන්මාර රාජ්‍ය සංචාරයකට එක් වන්නැයි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත මියන්මාර ජනාධිපති Min Aung Hlaing මහතා සාදරයෙන් ඇරයුම් කර ඇති බවත් එම නිවේදනයෙහි වැඩිදුරටත් දැක්වෙයි.




