ගතවූ සතියේ (15-21) කෘෂිකාර්මික, විදේශ වෙළඳාම හා පාරිභෝගික යන ක්ෂේත්‍රවල කැපීපෙනෙන ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට චීනය සමත් වෙයි.
චීන සාම්ප්‍රදායික මකර බෝට්ටු උත්සව සමය හෙවත් පසුගිය 19-21 යන තෙදින කාලය තුළ චීනය තුළ සිදුකළ සමස්ත පුද්ගල සංචාර වාර සංඛ්‍යාව මිලියන 650කට අධික වූ බවට තක්සේරු කෙරේ.
පසුගිය 18 වැනිදා දක්වා චීනයේ ගිම්හාන සෘතුවේ ධාන්‍ය අස්වනු නෙළීමේ කටයුතු සාර්ථකව පවත්වා ගෙන ගිය අතර සියයට 96ක ඉරිඟු අස්වනු නෙළීම් අවසන් කර ඇත. ඉන් ගිම්හාන සෘතු ඉරිඟු සඳහා විශාල පරිමාණ යාන්ත්‍රික අස්වනු නෙළීම් කටයුතු මූලික වශයෙන් අවසන් වීම සනිටුහන් කෙරිණ.
පසුගිය මැයි මස චීනයේ භාණ්ඩ බෙදා හැරීමේ සංවර්ධන දර්ශකය පසුගිය වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව සියයට 3.1කින් වැඩි විය. එහි තැපැල් මාර්ගයෙන් දෛනික භාණ්ඩ බෙදා හැරීම ගත වූ සති තුන තුළ අඛණ්ඩව මිලියන 600ක් ඉක්මවා ගොස් ඇත.
ඊට අමතරව, ‘මුහුදු සුළං බලශක්තියේ සමාලෝචන හා ඉදිරිදැක්ම පිළිබඳ වාර්තාවට’ අනුව, පසුගිය 2025 වසරේ චීනයේ මුහුදු සුළං නව විදුලි උත්පාදන ධාරිතාව සමස්ත ලෝකයේ ධාරිතාවෙන් සියයට 78ක් අත්කර ගන්නා අතර එය ලොව පළමු ස්ථානය දිනා ගත්තේය.
ගත වූ දශකය තුළ චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ මුළු ගමන්වාර සංඛ්‍යාව 10.8 ගුණයකින් වැඩි වී ඇත. චීනයේ නගර 129ක් හා යුරෝපය අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවා විවෘත කිරීම එයට හේතු වී තිබේ.
Share
Read more



