චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා අද (23) සවස Dalian නගරයේදී දකුණු කොරියාවේ අග්‍රාමාත්‍ය Kim Min-seok මහතා හමු විය. ගිම්හාන ඩාවෝස් සංසදයට සහභාගි වීම සඳහා Kim Min-seok මහතා චීනයට පැමිණ සිටී.
ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ දකුණු කොරියා නිල සංචාරයේදීත්, Lee Jae-myung ජනාධිපතිවරයාගේ චීන නිල සංචාරයේදීත් දෙරටේ රාජ්‍ය නායකයන් එකඟතා රැසකට පැමිණ ඇති බව චීන අගමැති Li Qiang මහතා එහිදී පැවසීය. චීනය හා දකුණු කොරියාව අතර වෙළඳ සහයෝගීතා විභවයන් විශාල ය. දකුණු කොරියාව සමග එක් ව, සම්බන්ධීකරණය තහවුරු කරමින් විවෘත ආකාරයේ ආසියා-ශාන්තිකර ආර්ථිකයක් ගොඩනැංවීමට දායක වීමටත් නිදහස් වෙළඳාම හා බහුපාර්ශ්වවාදය ආරක්ෂා කිරීමටත් චීනය සූදානම් බව හෙතෙම එහිදී වැඩිදුරටත් කියා සිටියේය.




