අල්ලස් ලබා ගැනීමේ සිද්ධියත් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත්‍රයකු වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ සමඟි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අල්ලස් ලබාගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාගේ ජීවිතය ආරක්ෂා කිරීම සහ බූස්ස බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත ඔහු යොමු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙනුයි. මෙම සැකකරුවන් දෙදෙනාට අමතරව සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කළ අරුණ ශ්‍රී චතුරංග යන අයද අදාළ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් කෝටි 50ක අල්ලස් ඉල්ලා ඇති බවත් එය කෝටි 20 දක්වා අඩුකර ඉන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගෙන ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



