චීන සහ බංග්ලාදේශ අගමැතිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වෙයි. ඊයේ (25) පස්වරුවේ චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා බෙයිජිං හි මහජන මහා ශාලාවේදී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය Tarique Rahman මහතා හමු විය. චීනය හා බංග්ලාදේශය යහපත් අන්‍යෝන්‍ය අවබෝධයක් හා සාම්ප්‍රදායික මිත්‍රත්වයක් සහිත අසල්වැසියන් බවත්, බංග්ලාදේශය සිය දේශීය තත්ත්වයට ගැලපෙන සංවර්ධන මාවතේ ගමන් කිරීමට චීනය දැඩි ලෙස අනුබල දෙන බවත්, Li Qiang මහතා එහිදී කියා සිටියේ ය. එසේම දෙරටේ පොදු සංවර්ධන සමෘද්ධිය වෙනුවෙන් බංග්ලාදේශය සමග එක්ව, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව පවත්වාගෙන යමින් දැවැන්ත වරාය හා වාරිමාර්ග ව්‍යාපෘති ක්‍රියාත්මක කොට වෙළඳ, කර්මාන්ත සැපයුම් දාම, මූල්‍ය ඇතුළු ක්ෂේත්රයන්හි ද්විපාර්ශ්වික සහයෝගිතාවන් ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටී. චීනය බංග්ලාදේශයෙන් ඉහළ නිෂ්පාදන වැඩි වශයෙන් ආනයනය කිරීමටත්, ප්‍රබල චීන ව්‍යවසායන් බංග්ලාදේශයෙහි ආයෝජනය කිරීමටත්, නව බලශක්ති, ඩිජිටල් ආර්ථිකය, කෘත්‍රිම බුද්ධිය, තොරතුරු සන්නිවේදන ඇතුළු නව කර්මාන්තවල ද්විපාර්ශ්වික සහයෝගිතා පුළුල් කිරීමටත්, බලාපොරොත්තුවෙන් සිටින බව Li Qiang මහතා පැවසීය. චීනය හා බංග්ලාදේශය සංවර්ධනය වෙමින් පවතින රටවල් බැවින් ජගත් කටයුතුවලදී දෙරටට ඇත්තේ සමාන ස්ථාවරයකි. ගෝලීය දකුණේ සහයෝගී සංවර්ධනය වෙනුවෙන් බංග්ලාදේශය සමග එක්ව බහුපාර්ශ්වික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට චීනය කැමති බව ද චීන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




