චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 105 වන සංවත්සරය සැමරීම සඳහා ඊයේ(29) රාත්‍රීයේ බෙයිජිංහිදී සංගීත ප්‍රසංගයක් පැවැත්විණ. ෂී ජින්පිං, Li Qiang, Zhao Leji, Wang Huning, Cai Qi, Ding Xuexiang, Li Xi, Han Zheng යන පක්ෂයේ හා රජයේ නායකයෝ සහ 3000ක ප්‍රේක්ෂක පිරිසක් ද එම ප්‍රසංගය නැරඹීමට එක් වූහ. ‘ජනතා ප්‍රමුඛත්වය’ මෙහි තේමාව විය.
බෙයිජිං නගරයේ සිටින චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජිකයෝ, මධ්‍යම ලේකම් කාර්යාලයේ ලේකම්වරු මෙන්ම, මධ්‍යම හමුදා කොමිසමේ උප සභාපතිවරු, මහජන ශ්‍රේඨාධිකරණයේ සභාපතිවරයා, උත්තරීතර මහජන නීති නියාමනායතනයේ සභාපතිවරයා, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ උපසභාපතිවරු ද එම අවස්ථාවට එක්ව සිටියහ.




