චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සර සැමරුම් උත්සවය අද (01) පෙරවරු 10.00ට බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා එහිදී පක්ෂයේ ඉහළතම ගෞරවයට හිමිකම් කියන ‘ජූලි 1 පදක්කම’ සම්මානලාභීන් පිරිනැමීය.
2021 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සර සැමරුමේදී ‘ජූලි 1 පදක්කම’ප්‍රථම වරට පිරිනමනු ලැබීය. එම අවස්ථාවේදී චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝ 29දෙනෙක් මෙම සම්මානයෙන් පිදුම් ලැබූහ. සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වූ දෙවන අවස්ථාව මෙයයි.






