තැපැල් සේවකයින් අද (11) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරිමට තීරණය කර තිබේ. ඒ සිය ගැටළු වලට විසඳුම් නොලැබීමට විරෝධය පළ කරමිනි.
ඒ අනුව අද සවස 4 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි තැපැල් වෘත්තිය සමිති පෙරමුුුණ පවසන්‌නේ.
එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර පෙන්වා දුන්නේ රාජ්‍ය පරිපාලනය 06/2006 චක්‍රලේඛය තැපැල් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක කිරීමේ දී තැපැල් සේවකයන්ට හා ආයතනයේ සේවා සැපයීමේ ගැටළු රැසක් මතුව ඇති බවයි.