නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 80 ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සමඟ කාන්තාවක් අද (11) අලූයම ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකාර කාන්තාව ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ඇඳුම් තුළ එම ස්වර්ණාභරණ තොගය සඟවාගෙන පැමිණි ඇත.
මෙම රත්රං තොගයේ බර කිලෝග්රෑම් 1 යි ග්රෑම් 300 ක් වෙයි.