තරුණ සිසු පරපුර සමාජයේ වැඩදායී විනයගරුක මෙන් ම නීතිගරුක පුරවැසියන් කිරීමේ අරමුණින් පාසල් ශිෂ්‍යභට කඳවුරක් කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ දී ආරම්භ විය.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයක් මත ශ්‍රී ලංකා පොලිසිය තම කාර්යය පුළුල් කරමින් පළමු වතාවට මෙය පවත්වනු ලබයි.
මේ සඳහා පාසල් 25ක් නියෝජනය වන පරිදි බල ඇණි 12කින් ශිෂ්‍ය භටයින් 638 දෙනෙකු සහභාගි වී ඇත.
මෙම ශිෂ්‍ය භට කඳවුර දින 09ක් පුරා කළුතර පොලිස් විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිතව ඇත.