නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රන් බිස්කට් 5 ක් අද (12) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තම ගමන් මල්ලේ සඟවා ගෙන කටාර් රාජ්‍යයේ සිට 39 හැවිරිදි කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙම රන් බිස්කට් රැගෙන විත් ඇත.
මෙම රන් බිස්කට් වල මුළු බර ග්‍රෑම් 291.55 කි.
ඒවායේ වටිනාකම රුපියල් 17,49,300 ක් වේ.
මෙම රන් බිස්කට් සියල්ල රාජසන්තක කර මේවා නීතිවිරෝධී ලෙස රැගෙන ආ පුද්ගලයාට රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .