නීතිවිරෝධී අයුරින් විදේශ මත්පැන් බෝතල් 34ක් සහ විදේශ රටක නිෂ්පාධිත දුම්වැටි 2400 තම සන්තයේ තබාගෙන ගුවන්තොටුපළ රථගාලේ රැදිසිටි පුද්ගලයින් සිව් දෙනෙකු ගුවන්තොටුපොළ පොලීසිය (13) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් ඉන්දියානු ජාතිකයින් වෙයි.
මොවුන් සතුව තිබු විශාල ගමන් මලු තුළ තිබු රෙදිපිලි අතර විස්කි බෝතල් සහ දුම්වැටි තොගය තිබියදි සොයාගත් බව පොලීසිය පවසයි.
සැකකරුවන් මීගමුව අධිකරණයට ඉදිරි පත් කිරීමට නියමිතය.