ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යුකියේ හතොයාමා මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේ ය.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී පෙරේදා (11) සවස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් ඔහු පිළිගන්නා ලදී.
හිටපු අගමැතිවරයා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් පිළිගැනීමෙන් අනතුරුව සෙත්පිරිත් සජ්ජායනා කර එතුමන්ට ආශිර්වාද කිරීම මහා සංඝරත්නය සිදු කළහ.
අද (13) දින හිටපු අග්‍රාමාත්‍ය හතොයාමා මැතිතුමා කුරුණෑගල කොළඹගම විහාරස්ථානයේ උත්සවයකට සහභාගී වීමට නියමිතය.
14 වැනි දින ඒ් මහතා පොල්ගස්ඕවිට ”දහම් සෙව” ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිවන ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමට ද නියමිතතය.