රැදවුම් නියෝග මත රඳවාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඉන්පසුව සැකකරු සැප්තැම්බර් මස 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කර ඇත්තේ.



