චීන – ඉන්දීය දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් දෙරටේ විශේෂ නියෝජිතයින්ගේ 25 වැනි සාකච්ඡා වටය ඊයේ (25) බෙයිජිංහිදී පැවැත්විණ. එහිදී දේශසීමා ගැටලුව සහ ද්විපාර්ශ්වික සබඳතා ඇතුළු කරුණු සම්බන්ධයෙන් පුළුල්, ගැඹුරු, මිත්‍රශීලී සහ අවංක අදහස් පළ වී ඇත.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, මධ්‍යම විදේශ කටයුතු කොමිෂන් කාර්යාලයේ අධ්යක්ෂ සහ චීන – ඉන්දීය දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් චීන විශේෂ නියෝජිත Wang Yi එහිදී පැවසුවේ, සබඳතා යහපත් හා ස්ථාවර ලෙස වර්ධනය වීම, දෙරටේම ජනතාවගේ මූලික අවශ්‍යතාවලට අනුකූල වන බවය. එය ගෝලීය හා උපායමාර්ගික වශයෙන් වැදගත් වන බව ද හෙතෙම අවධාරණය කළේය. සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතා දෙපාර්ශ්වයම ක්‍රමවත් ලෙස ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන් කළ Wang Yi, ද්විපාර්ශ්වික සබඳතා තුළ දේශසීමා ගැටලුවට නිසි අවධානය ලබා දෙමින්, පසුබෑමකින් තොරව ඉදිරියට යා යුතු බව අවධාරණය කළේය. චීන–ඉන්දීය දේශසීමා කටයුතු සම්බන්ධයෙන් ක්‍රමයෙන් ධනාත්මක ආඛ්‍යානයක් ගොඩනගාගත යුතු බව ද ඔහු සඳහන් කර ඇත. එමෙන්ම සංවාද, සාමය, සාකච්ඡා සහ සහයෝගීතාවය ප්‍රධාන ප්‍රවණතාව බවට පත් කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.
ඉන්දියාවේ විශේෂ නියෝජිත සහ ජාතික ආරක්ෂක උපදේශක Ajit Doval පැවසුවේ, චීනය සමග උපායමාර්ගික සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් කිරීමට, දේශසීමා ඵලදායී ලෙස කළමනාකරණය කරමින් දේශසීමා ගැටලුවට විසඳුම් සෙවීමටත් චීන–ඉන්දීය සබඳතා වේගවත් ලෙස වැඩිදියුණු කර සංවර්ධනය කිරීමටත් ඉන්දියාව සූදානම් බවය.
Share
Read more



