ආගරපතන, බැල්මොරල් වත්තේ වතු නිවාස පෙළක අද (13) හට ගත් ගිනි ගැනීමකින් වතු නිවාස 12 ක් ගිනිගෙන විනාශයට පත්ව ඇති බව ආගරපතන පොලීසිය පවසයි.
එක් වතු නිවාසයක හට ගෙන ඇති ගින්න අනෙකුත් නිවාසවලට පැතිරී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ආගරපතන පොලිසිය සඳහන් කළේ, පොලීසියේ නිලධාරීන් හා වතු කම්කරුවන් එකතුව ගින්න අනෙකුත් නිවාසවලට පැතිරී යෑමට නොදී වළක්වා ගැනීමට පියවර ගැනීම නිසා විශාල විනාශයක් වැළකී ගිය බවයි.