චීන නිෂ්පාදන අංශයෙන් අගෝස්තු මාසයේ වේගවත් ව්‍යාප්තියක්

Share

2026 වසරේ අගෝස්තු මාසය තුළ චීනයේ නිෂ්පාදන අංශයේ ගැණුම්කරුවන්ගේ දර්ශකය (PMI) 49.8% ක් ලෙස සටහන් වේ. එය පසුගිය ජූලි මාසයට වඩා 0.6%කින් වර්ධනය වීමකි.
චීන ජාතික සංඛ්‍යාලේඛන පරිපාලනයේ සේවා කර්මාන්ත පිළිබඳ විමර්ශන මධ්‍යස්ථානය සහ භාණ්ඩ ප්‍රවාහන හා මිලදී ගැනීමේ ඒකාබද්ධ සංගමය විසින් අද (31) මේ බව ප්‍රකාශ කෙරිණ.
අගෝස්තු මාසයේදී, නිෂ්පාදන කර්මාන්තය සඳහා දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ ඉල්ලුම පුළුල් වී තිබෙන අතර, ප්‍රතිපත්තිමය සහාය ආර්ථික වර්ධනයට ඵලදායී ලෙස දායක වී ඇති බව ඒ සමගින් මනාව පෙන්නුම් කරයි. නිෂ්පාදන කර්මාන්තයේ ව්‍යාපාරික ස්වභාවය අඛණ්ඩව වැඩිදියුණු වීම ද ඉන් පිළිබිඹු වේ.

Read more

Local News