චීන ජනාධිපති ෂී ජින්පිං උස්බෙකිස්ථාන ජනාධිපති Shavkat Miromonovich Mirziyoyev මහතා හමුවෙයි. දෙරටේ නායකයින් හමුවී ඇත්තේ, 2026 ශැංහයි සහයෝගිතා සංවිධානයේ නායක සමුළුවට සහභාගි වීම සඳහා බිෂ්කෙක් අගනුවරට පැමිණ සිටින අතරතුරය .
උස්බෙකිස්ථානය සමග එක්ව උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව පුළුල් කිරීමෙන් දෙරටේ සබඳතාවන්හි නව “ස්වර්ණමය දශකයක්” පොදුවේ නිර්මාණය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං එහිදී ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තරයේ කුමන වෙනස්කම් සිදු වුව ද, චීන-උස්බෙකිස්ථාන මිත්‍රත්වය තහවුරු කිරීම සම්බන්ධයෙන් චීනය දරන ස්ථාවරය වෙනස් නොවේ. සිය ජාතික තත්ත්වයන්ට යෝග්‍ය සංවර්ධන මාවත අනුගමනය කිරීම සඳහා චීනය සෑම විටම උස්බෙකිස්ථානයට සහාය පළ කරන බව ද හෙතෙම පැවසීය. චීන-කිර්ගිස්ථාන-උස්බෙකිස්ථාන දුම්රිය මාර්ගය ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සංවර්ධනය කර ඉදිරියට ගෙන යා යුතුය. කෘත්‍රිම බුද්ධිය,කාන්තාරකරණය පාලනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කළ යුතුය. සංස්කෘතික මධ්‍යස්ථාන ඉදිකිරීම කඩිනම් කරමින් අධ්‍යාපනය, දරිද්‍රතාවය තුරන් කිරීම යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කරන අතර, ජනතාව අතර අවබෝධය ප්‍රවර්ධනය කළ යුතු බව ද ෂී ජින්පිං සඳහන් කළේය. ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ආරම්භක සාමාජිකයින් ලෙස, චීනය සහ උස්බෙකිස්ථානය එක්ව ටියැන්ජින් සමුළුවේ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම ඔස්සේ කලාපීය සංවර්ධනයට සහ සමෘද්ධියට අනුබලයක් ලැබෙන බව ද හෙතෙම පැවසීය.
චීන මාදිලියේ නවීකරණයෙහි දීප්තිමත් ඉදිරි දැක්ම කෙරෙහි පූර්ණ විශ්වාසය පවතින බව උස්බෙකිස්ථාන ජනාධිපති Shavkat Miromonovich Mirziyoyev එහිදී ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර වෙනස්කම් හමුවේ ද, චීනය සමග සබඳතා ස්ථීර ලෙස වර්ධනය කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසීය.
දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය පුළුල් කිරීම, වෙළඳාම සහ ආයෝජන පුළුල් කිරීම, කෘෂිකර්මාන්තය, ප්‍රවාහනය, බලශක්ති සම්පත්, පතල් කැණීම මෙන්ම විද්‍යාව සහ තාක්ෂණය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීමට උස්බෙකිස්ථානය කැමැත්තෙන් සිටින බව ද ඔහු සඳහන් කර ඇත.
නවද, එකම චීනය මූලධර්මය ස්ථිර ලෙස අනුගමන කරන උස්බෙකිස්ථානය , ෂී ජින්පිං ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් හතර ඉහළින් අගය කරන රටකි. ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සංවර්ධනය ප්‍රවර්ධනය කර ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය පොදුවේ ආරක්ෂා කිරීම වෙනුවෙන් චීනය සමග එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද උස්බෙකිස්ථාන ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.
චීන – උස්බෙකිස්ථාන සබඳතාවේ නව “ස්වර්ණමය දශකයක්” පොදුවේ නිර්මාණය කිරීමට දෙරටේ නායකයෝ එකඟ වෙති
Share
Read more



