පෙර නොවූ විරූ දැවැන්ත සංවර්ධනයක් හිමිකර ගත් චීන – කිර්ගිස්ථාන් සබඳතාව ඉදිරියට ගෙන යාමට දෙරටේ නායකයෝ එකඟ වෙති 

Share

චීන ජනාධිපති ෂී ජින්පිං හා කිර්ගිස්ථාන් ජනාධිපති Sadyr Nurgozhoevich Japarov අතර හමුවක් ඊයේ (31) බිෂ්කෙක්හි හාර්මනි මාලිගයේදී පැවැත්විණ.
මෑත වසර කිහිපයක තුළ Japarov මහතා සමග පොදු මඟපෙන්වීම යටතේ, චීන- කිර්ගිස්ථාන් සබඳතාව ඔස්සේ පෙර නොවූ අයුරෙන් දැවැන්ත සංවර්ධනයක් අත්පත් කරගෙන ඇති බව ෂී ජින්පිං එහිදී ප්‍රකාශ කළේය. කිර්ගිස්ථානය සමග එක්ව පොදු ඉරණමක් සහිත චීන- කිර්ගිස්ථාන් ප්‍රජාව ගොඩනැගීම ඉදිරියට ගෙන යාම ප්‍රවර්ධනය කිරීමට චීනය අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය. 
ඉහළ මට්ටමේ අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය හා එකිනෙකා වෙත ස්ථිර වශයෙන් සහය පළ කිරීම දෙරටේ සබඳතාව ස්ථාවර මෙන්ම අඛණ්ඩව සංවර්ධනය කිරීමට වැදගත් සහතිකයකි. චීන- කිර්ගිස්ථාන් නිත්‍ය අසල්වැසි මිත්‍රශීලි සහයෝගිතා ගිවිසුම අත්සන් තැබීම දෙරටේ දිගුකාලීන මිත්‍රත්වය, අන්‍යෝන්‍ය සහය ලබා දීම වෙනුවෙන් වැදගත් නෛතික පදනමක් ලබා දුන් බව ෂී ජින්පිං සඳහන් කළේය. 
එමෙන්ම දෙරටේ ප්‍රායෝගික සහයෝගිතා තහවුරු කර රජයන් අතර ආර්ථික වෙළඳ සහයෝගිතා ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු බව ෂී ජින්පිං පෙන්වා දුන්නේය. ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු  චීන-කිර්ගිස්ථාන-උස්බෙකිස්ථාන දුම්රිය මාර්ගය ගොඩනැගීම, පුනර්ජනනීය බලශක්ති සම්පත්, සම්පත් ප්‍රතිචක්‍රීකරණය යන ක්ෂේත්‍රවල සන්ධිස්ථානගත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, හරිත ඛනිජ සහයෝගිතා ලේඛනය ක්‍රියාවට නංවා පූර්ණ කාර්මික දාමයේ සහයෝගීතාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද එහිදී  අවධානය යොමු කෙරිණ. තවද ,දෙරටේ කෘත්‍රිම බුද්ධි සහයෝගීතාව ශක්තිමත් කර තාක්ෂණික නවෝත්පාදනයන් තුළින් ද්විපාර්ශ්වික සහයෝගීතාව බලගැන්වීම මෙන්ම මානව හුවමාරු තවදුරටත් ප්‍රවර්ධනය කිරීමෙන් දෙරට අතර මිත්‍රත්වයේ සමාජීය හා ජනතා පදනම තහවුරු කෙරෙන බව ද හෙතෙම පැවසීය. 
ෂී ජින්පිංගේ නිල සංචාරය මගින් දෙරට අතර පවතින ගැඹුරු මිත්‍රත්වය හා ඉහළ මට්ටමේ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබිඹු වූ අතර එය දෙරටේ සබඳතාව වර්ධනය කිරීමේදී වැදගත් සන්ධිස්ථානයක් බව කිර්ගිස්ථාන් ජනාධිපති Japarov එහිදී ප්‍රකාශ කළේය. එකම චීනය මූලධර්මය ස්ථිර ලෙස අනුගමනය කරන කිර්ගිස්ථානය, ගරු කිරීම හා සාධාරණ පොදු ජයග්‍රහණ ලබා ගැනීමේ පදනම මත චීනය සමග මිත්‍ර අසල්වැසි සබඳතාව වර්ධනය කරගැනීමට කැමැත්තෙන් සිටී. ලෝක සාමය සහ ස්ථාවරත්වය පොදුවේ සහතික කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශැංහයි සහයෝගිතා සංවිධානය, චීන-මධ්‍යම ආසියානු යාන්ත්‍රණය මෙන්ම ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගීතා සංවිධානය යන බහුපාර්ශ්වික වේදිකාවල චීනය සමග සමීපව සම්බන්ධීකරණ කටයුතු කිරීමට කිර්ගිස්ථානය කැමැත්තෙන් සිටින බව ද එරට ජනාධිපතිවරයා පවසා ඇත.

Read more

Local News