ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (13) පුත්තලම දිස්තික්කයේ මොහොට්ටුවාරම ග්රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
මොහොට්ටුවාරම සිංහල මහා විද්‍යාලයේ දී ගොවි ජනතාව හමුවූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ගැටලු පිළිබදව ද අවධානය යොමු කළේය.
ග්රාමශක්ති ජනතා ව්‍යාපාරය මගින් මොහොට්ටුවාරම ග්රාමශක්ති ජනතා සමිති සඳහා නිකුත් කරන ප්‍රතිපාදනවල පළමු වාරිකය නිදහස් කිරීම ද ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව සිදු විය.
පාසල් දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ පොත් පරිත්‍යාගයක් ද සිදු කෙරිණි.