නායයෑමෙන් පීඩාවට පත් නේපාලය වෙත චීනයෙන් තවත් ආධාර සහ විශේෂඥ කණ්ඩායමක්

Share

මාරාන්තික නායයෑමකින් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින නේපාලය වෙත, නව සහන ද්‍රව්‍ය තොගයක් සහ ඩී.එන්.ඒ. (DNA) විශේෂඥ කණ්ඩායමක් යැවීමට චීනය පියවර ගෙන තිබේ. අදාළ ආධාර සහ විශේෂඥ කණ්ඩායම එරට කත්මණ්ඩු නුවර වෙත ගුවනින් ළඟා විය.
ආපදා තත්ත්වයත් සමග නේපාලය තුළ මේ වන විට පවතින සැබෑ අවශ්‍යතා මත පදනම්ව සකස් කරන ලද මෙම ආධාර තොගයට, ඩෝන යානා, ඩී.එන්.ඒ. පරීක්ෂණ උපකරණ, ප්‍රතික්‍රියාකාරක, ජලය පිරිපහදු කිරීමේ උපකරණ මෙන්ම ආලෝකකරණ උපකරණ ද ඇතුළත් වේ. පසුගිය ඉරිදා (30) දිනයේ ද චීනය, සිය පළමු සහන ද්‍රව්‍ය තොගය නේපාලය වෙත යැවීමට පියවර ගෙන තිබිණ.
මේ අතර, නේපාලයේ සිදුවූ මෙම මාරාන්තික නායයෑම් ව්‍යසනය හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ ‍‍සංඛ්‍යාව අද (02) අලුයම 05.00 වන විට, 1127 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා විය.

Read more

Local News