චීන ජනතාව හා ඇමරිකානු ජනතාව අතර සුහද සම්බන්ධතාවන්ට පෙර සේ අනුබල දෙන බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ගුවෝ චියා කුවෙන් අද (2) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී Ronald Sakolsky නම් ඇමරිකානු ජාතිකයෙකු හා Yin Yuzhen නම් චීන කාන්තාවක අතර වසර 26ක් පුරා පැවති දැඩි බැඳීම සිහිපත් කරමින් මේ බව පැවසීය.
චීනයේ කාන්තාරකරණය වැළැක්වීමේ කටයුතුවලට සහාය දුන් Ronald Sakolsky වසර 27කට පසු මෑතකදී යළි චීනයට පැමිණියේය. කාන්තාරකරණය පාලනය වෙනුවෙන් දිගුකලක් පුරා වෙහෙසුණු Yin Yuzhenට ඔහු මූල්‍ය සහාය ලබා දුන්න ද මීට පෙර දෙදෙනාට මුණ ගැසීමේ අවස්ථාවක් නොලැබී තිබිණ. මෙවර චීන සංචාරයේදී එම දෙදෙනා මුහුණට මුහුණ හමුවීමෙන් පසු දෙදෙනා එක්ව විවිධ ක්‍රියාකාරකම්වලට එක්වූහ. විවිධ ජාතීන්ට අයත් පුද්ගලයින් අතර මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය අවබෝධයට සංස්කෘතික බාධා හා දේශසීමා මායිමක් නැති බව තමා සහ Yin Yuzhen අතර ඇති බැඳීම තුළින් ඔප්පු වී ඇතැයි Ronald Sakolsky පවසයි. එසේම ඇමරිකාව හා චීනය එකිනෙකට වෙනස් මාර්ගයක ගමන් කළ ද එක සමාන සාමකාමී දිශාවක් වෙතට ළඟා විය හැකි බවට ඔහු විශ්වාස පළ කර තිබේ.
මේ සම්බන්ධව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා කියා සිටියේ චීන-ඇමරිකා සම්බන්ධතා ඉදිරියට ගෙන යාමේ බලාපොරෙත්තුව රඳා පවතින්නේ දෙරටේ ජනතාව මත බවයි. චීන ජනතාව හා ඇමරිකානු ජනතාව අතර සුහද සම්බන්ධතාවන්ට චීන රජය පෙර සේ අනුබල දෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
Share
Read more



