තැපැල් වර්ජනය හතරවන දිනටත් අද (14) ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසයි.
සිය ගැටළු වලට විසඳුම් නොලැබීමට විරෝධය පළ කරමින් 11 වනදා සවස 4.00 සිට අද දක්වා අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වෙයි.
ඊයේ (13) පස්වරුව වනවිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ දිවයිනේ සියලූ තැපැල් ස්ථානවල ලක්ෂ 13 කට අධික ලිපි සහ තැපැල්පත් ගොඩගැසී තිබූ බවයි.