අගෝස්තු මස 26 වැනිදා නේපාලයෙන් වාර්තා වූ හදිසි නායයෑම් තත්ත්වයෙන් අනතුරුව, චීන ජාතික දේශගුණික මධ්‍යස්ථානය සිය හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ අතර,දේශගුණික නිරීක්ෂණය සහ දේශගුණික පුරෝකථනය යන කාණ්ඩ දෙක යටතේ යාවත්කාලීන තොරතුරු අඛණ්ඩව නේපාලය වෙත ලබා දෙමින් සිටී. එය නේපාලයේ ආපදා පසු සහන කටයුතු සඳහා මහත් වූ සහායකි. චීන කාලගුණ විද්‍යා පරිපාලනය ඊයේ (09) මේ බව හෙළි කළේය.
දේශගුණික විපර්යාස නිරීක්ෂණය සම්බන්ධයෙන් ගත් කළ, චීන ජාතික දේශගුණික මධ්‍යස්ථානය විසින් වායු උෂ්ණත්වය,වර්ෂාපතනය සහ පසෙහි වියළි බව වැනි පරාමිතීන් ආවරණය වන පරිදි දෛනිකව නිරීක්ෂණ දත්ත කාණ්ඩ පහක් මෙන්ම, දේශගුණික දර්ශක දත්ත කාණ්ඩ දහයක් ද සකස් කරනු ලබයි.
දේශගුණික අනාවැකි සම්බන්ධයෙන් එලෙස, චීන ජාතික දේශගුණික මධ්‍යස්ථානය විසින් ඉදිරි දින 60 සඳහා දෛනික උෂ්ණත්වය සහ වර්ෂාපතනය පිළිබඳ අනාවැකි මෙන්ම,දේශගුණික විපර්යාස පිළිබඳ අනාවැකි ද නේපාලය වෙත ලබා දෙනු ලැබේ.
Share
Read more



