පිලිපීනයේ ෆෙරි යාත්රාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 86 දෙනෙකු පිළිබඳ මෙතෙක් තොරතුරක් නොමැති බව එරට වෙරළාරක්ෂක බලකාය පවසයි.
Palawan පළාතේ සංචාරක ආකර්ෂණීය ස්ථානයක් වන Coron වෙත ළඟා වෙමින් තිබියදී MV June Aster යාත්රාවේ මෙම ගින්න හටගෙන තිබේ.
වෙරළාරක්ෂක බලකාය සඳහන් කළේ පුද්ගලයන් 43 දෙනෙකු මේ වන විට බේරාගෙන ඇති බවයි.
වෙරළාරක්ෂක බලකායේ කපිතාන් Noemi Cayabyab පැවසුවේ යාත්රාවේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළුව පුද්ගලයන් 134 දෙනෙකු සිටි බවයි.
Share
Read more



