ඊශ්‍රායලය , ඉරාකය , ලෙබනනය සහ පලස්තීනයේ ඇතැම් ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ සංචාරක අනතුරු ඇඟවීම් මට්ටම් පහළ දැමූ බව ජපාන රජය ප්‍රකාශ කළේය.
ඇමරිකාව සහ ඉරානය අතර ප්‍රහාර හුවමාරු තවදුරටත් සිදුවෙමින් පැවතියද, මැදපෙරදිග තත්ත්වය සාපේක්ෂව සන්සුන් වී ඇති බව ජපාන රජය තක්සේරු කර තිබේ.
ඉරාකය සහ ලෙබනනය යන රටවල සමස්ත ප්‍රදේශය සඳහාම ඉහළම 4වන මට්ටමේ අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මක වූ අතර, දැන් එය ඇතැම් ප්‍රදේශවල 3වන මට්ටම දක්වා පහළ දමා තිබේ.
ඊශ්‍රායලගේ සහ පලස්තීනයේ ඇතැම් ප්‍රදේශවල අනතුරු ඇඟවීම 3වන මට්ටමේ සිට 2වන මට්ටම දක්වා පහළ දමා තිබේ. කෙසේ වෙතත්, ලෙබනන් දේශසීමා ආසන්න ප්‍රදේශ සහ ගාසා තීරය මීට ඇතුළත් නොවේ.
ඇමරිකාව සහ ඉරානය අතර සතුරු ක්‍රියා අවසන් කිරීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව, ජපානය ඉරානය ආසන්න රටවල් හතක් සඳහා ද සංචාරක අනතුරු ඇඟවීම් පහළ දැමීය.
Share
Read more



