මාතර දිස්ත්රික්කයේ ප්රාදේශිය ලේකම් කෝට්ඨාස දහසයම ආවරණය වන පරිදි පිහිටුවා ඇති සමථ මූල මණ්ඩලවල සභාපති හා උප සභාපතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මාතර සහකාර දිස්ත්රික් ලේකම් නදී ජයවික්රම මෙනවියගේ ප්රධානත්වයෙන් මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මාතර දිස්ක්රික්කයේ සමථ මූල මණ්ඩලවල යාවත්කාලීන වන දත්ත හා තොරතුරු නිවැරදිව සමථ මණ්ඩල කොමිෂන් සභාව වෙත වාර්තා කිරීමට අදාළ නව වැඩපිළිවෙල පිළිබඳව මෙහි දී දැනුම්වත් කරන ලදි. සමථ මණ්ඩල පවත්වාගෙන යාමේදී ඇතිවන ගැටළු පිළබඳව ද සාකච්ඡා කෙරිණි.
මාතර දිස්ත්රික් සමථ පුහුණු නිලධාරී කීර්ති ලියනගේ මහතා සහ සමථ පුහුණු නිලධාරී අවංකා මුදලිගේ මහත්මිය සම්පත් දායකත්වය සපයන ලදි.