අක්ෂාංශ පිහිටීම අනුව, චීනයේ ඉහළම අක්ෂාංශයේ අධිවේගී දුම්රිය මාර්ගය ක්‍රියාත්මක කෙරේ. ඊසානදිග චීනයේ Harbin නගරයේ සිට Yichun නගරය දක්වා දිවෙන එම අධිවේගී දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඊයේ (28) නිල වශයෙන් ආරම්භ කර තිබේ. දුම්රිය ස්ථාන 9කින් සමන්විත Harbin – Yichun අධිවේගී දුම්රිය මාර්ගයේ සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 318කි. එහි ධාවන වේගය පැයට කිලෝමීටර් 250කි. එහි අවසානය වන Yichun බටහිර දුම්රිය පොළ මෙතෙක් චීනයේ ඉහළම අක්ෂාංශයේ ඉදි කළ දුම්රිය ස්ථානය වීම විශේෂත්වයකි. Harbin – Yichun අධිවේගී දුම්රිය මාර්ගය ක්‍රියාත්මක කිරීමෙන් පසු චීනයේ අධිවේගී දුම්රිය ජාලය උතුරු දෙසට ව්‍යාප්ත වී වඩාත් ක්‍රියාකාරීත්වයකින් යුතුව සම්පූර්ණ වී ඇත.



